Tuesday, December 4, 2018

සුන්දර පොළොන්නරුව .(polonnaruwa)

පොළොන්නරුව ඓතිහාසික පසුබිම .

පොළොන්නරුව ශ්‍රී ලංකාවේ දෙවන ඓතිහාසික අගනුවරයි .මෙහි පිහිටීම ගැන සලකන විට ස්වභාවිකව ආරක්ෂා සහිතවු ස්ථානයක් ලෙස හැදින්විය හැකිය .එනම් රුහුණු සහ පිහිටි යන දෙරටෙහි සීමාවන් දෙක අතරෙහි පිහිටීම නිසාත් එම සීමාවන් අතර ගමන් බිමන් දුෂ්කර වු නිසාත් පොළොන්නරුවට ආරක්ෂාව සැලසිණි. අනුරාධපුර රාජ්‍යය පවතිත්දී පොළොන්නරුව ද ප්‍රාදේශීය පාලන මධ්‍යස්ථානයක් ලෙස පැවතින. පසුකාලීනව පොළොන්නරුව කෙරේ එල්ලවූ සොලී බලය පරාජය කොට ක්‍රි.ව.1055-1110 දී බලයට පත් පළමු විජයබා මහරජු පොළොන්නරුව තම රාජධානිය බවට පත් කර ගෙන සොලීන් විසින් විනාශ කල සියලු වෙහෙර විහාර ,වැව් අමුණු ප්‍රතිසංස්කරණ කරමින් රට සංවර්ධනය කරන්නට දායක විය .අනතුරුව පොළොන්නරුව රාජධානිය කරගනිමින් රට සංවර්ධනය කරන්නට මුලිකත්වය ලබා දුන්නේ ක්‍රි.ව.1153-1186 රජ වු පළමු පරාක්‍රමබාහු රජතුමන්ය .ක්‍රි.ව.1187-1196 රාජ්‍යත්වයට පත් නිශ්ශංකමල්ල රජු ද ශාසනික හා රාජ්‍යමය වශයෙන් වටිනා සේවාවක් කිරීමට සමත් විය .මොහුගෙන් පසු පැමිණි දුර්වල පාලකයන් නිසා ක්‍රි.ව.1215-1236 දී කාලිංග මාඝ නම් සොලී රජු විසින් පොළොන්නරු රාජධානියේ බලය පැහැරගෙන සියලු දෑ විනාශ කරමින් ,වටිනා දෑ කොල්ල කමින් දරුණු පාලනයක් ගෙන ගිය අතර සිංහල රාජධානිය දඹදෙණිය කරා සංක්‍රමණය විය .

ගල් විහාරය.






ගල්විහාරය ඉතිහාස ග්‍රන්ථ වල සදහන් වන්නේ උත්තරාරාමය වශයෙනි .මෙම විහාරයද පරාක්‍රමබාහු රජු විසින් කරවනලද බව සදහන් වේ. විශාල පර්වත බිද ප්‍රතිමා හතරක් සකස් කොට ඇත .පරාක්‍රම රජු විසින් කරවන ලද පොළොන්නරු කතිකාවත නම් වු සෙල්ලිපිය මෙම ගුහාව අසල ගලෙහි නෙලා ඇත මෙම පිළිම සදහා වෙන වෙනම කාමර තිබු බවට ඉදිරිප ඇති ගඩොල් බැමි සාක්ෂි දරයි.


ශෛලමය ප්‍රතිමාව.





5 comments: